- එක් දොරක් වැසුණු කල්හි, තව දොරක් ඔබ වෙනුවෙන් විවෘත වනු ඇත. නමුත් ඔබ කනස්සල්ලෙන් වැසුණු දොර දෙස බලා සිටියහොත් ඔබ වෙනුවෙන් විවෘත වූ දොර ඔබට නොපෙනී යනු ඇත.
- අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොපවතී.
- බොහෝ දෙනෙකුට කිරීමට අපහසු දෑ පහසුවෙන් කරන්නේ නිපුණතාවෙනි, නිපුණතාවයට කළ නොහැකි දෑ කල හැක්කේ බුද්ධියෙනි.
- වැරදීම සිදුවන විට එය ඉතා වේදනාකාරී වේ. - Mistakes are Painful when they Happened. නමුත් වසර ගණනාවකට පසු වැරදීම් සියල්ල ජීවීත අත්දැකීම් ලෙස ඔබේ සාර්ථකත්වයට මග පෙන්වනු ඇත. (But Years later collection of mistakes is called experience which leads to success)
- ඔබට යමක් කළ හැකි බව විශ්වාස කළ හැකිනම්, ඒදෙය කිරිමේ හැකියාව ඔබ සතුව පවතී.
- සාර්ථක ජිවීතයක් සඳහා ධනාත්මකව ස්වසංකල්පයක් ගොඩනගා ගනිමු.
- මිනිසා යනු ඔහු විශ්වාස කරන දේය. (ඇන්ටන් චෙකොප්)
- කවරෙකුට වුවත් යමක් පටන්ගත හැකි වුවද නිමාවට පත් කරනු ඇත්තේ ශ්‍රේෂ්ඨතමයා පමණකි.
- ඔබගේ සිතුවිලි වෙනස් කර ගන්න. එයින් ඔබට ලෝකය වෙනස් කළ හැකි වනු ඇත.
- ඔබ සාර්ථක වූවකු ලෙස සිතන්න. සාර්ථකවූවකු ලෙස දකින්න. සාර්ථක වූවකු ලෙස ක්‍රියාකරන්න. ඔබ සාර්ථක වනු ඇත.
- වැඩ නොකිරීමෙන් මඟ හැරීමෙන් ලැබෙන අවම දඩුවම නිකමෙකු බවට පත්වීමයි.
- ශ්‍රේෂ්ඨ පුද්ගලයාට අධිෂ්ඨානය ඇත. දුබලයාට ඇත්තේ ප්‍රාර්ථනාවක් පමණි.
- මිනිසෙකුට මත්ස්‍යයෙකු දුනහොත් ඔහු ඉන් දිනක් ජිවත් වනු ඇත. මිනිසෙකු මසුන් අල්ලන ක්‍රමය සහ යොතක් දුනහොත් ඔහු දිවි ඇති තෙක් ජිවත්වනු ඇත. (මාවෝ සේතුං)
- මා විසින් ගතයුතු තීරණය ඔබ විසින් ගන්නේ නම් මට තීරණය ගන්නට බැරි වේවි. මා කවරෙකු විය යුතු දැයි ඔබම කියන්නේ නම් මට මා නැතිවේවි. කරුණාකර මට සිතන්නට උදව් දුනහොත් ඒ ඇති. (පුංචි පැළය හා වනස්පතිය)
- ලොවෙහි වත්මන් පරපුරේ විශාලතම අනාවරණය නම් තම මානසික ආකල්පය වෙනස් කර ගැනීම මඟින් මිනිසුන්ට වෙනස් වන්නට පුළුවන් බව සොයා ගැනීමයි. (විලියම් ජෙම්ස්)
- ඔබේ සීමාව විශ්වය මෙන් අපරිමිත වේ.
- යොදුන් ගණනක ගමනක් වුව ඇරඹෙන්නේ එක් පියවරකිනි.
- ලොකුවට සිතන්න. සුලුදෙයකින් පවා සතුටු වන්න.
- ලොකුවට ගමනක් යන්න. පුංචි තැනකින් පටන් ගන්න.
- ස්වයං විනයක් ඇතිව ධෛර්යයෙන් නොනවත්වා වැඩ කිරීම අරමුණු ළගා කරගැනීමේ ඒකායන මාර්ගයයි.