• මුල් පිටුවමුල් පිටුව
  • අප ගැනඅප ගැන
    • හැදින්විම
    • ගරු. අමාත්‍යතුමා
    • ලේකම්
    • අධ්‍යක්ෂ ජනරාල්
    • සංවිධාන ව්‍යුහය
  • සේවාවන්සේවාවන්
  • කොට්ඨාශකොට්ඨාශ
    • මිනිස්බල සැළසුම්, සංවර්ධන හා පර්යේෂණ අංශය
    • රැකියා නිර්මාණ ප්‍රවර්ධන හා වෘත්තීය මාර්ගෝපදේශ අංශය
    • පරිපාලන පළාත් සැලසුම් හා මෙහෙයුම් අංශය
    • ගිණුම්
  • බාගතකිරීම්බාගතකිරීම්
    • රැකියා නිර්මාණ ප්‍රවර්ධන හා වෘත්තීය මාර්ගෝපදේශ අංශය
    • ශ්‍රම වෙළඳපොළ තොරතුරු අංශය
    • National Human Resource and Employment Policy
    • Foreign Trainings
    • Right To Information Act No 12 of 2016
    • Annual Internal Transfers Info & Format for Information Update
    • Departmental Formats (Internal)
  • ගැලරියගැලරිය
  • විමසීම්විමසීම්
    • අප අමතන්න
    • විමසීම් විස්තර
  • ta
  • English (UK)
Increase size
Reset to Default
Decrease size
  • රැකියා අපේක්ෂකරැකියා අපේක්ෂක
  • සේවා යෝජකයාසේවා යෝජකයා
  • FreelancerFreelancer
  • රැකියා සේවා මධ්‍යස්ථානය
  • ශ්‍රම වෙළඳපොළ තොරතුරු
  • වෘත්තීය මාර්ගෝපදේශ

ග්‍රාහක පිවිසුම
  • මුල් පිටුවමුල් පිටුව
  • අප ගැනඅප ගැන
    • හැදින්විම
    • ගරු. අමාත්‍යතුමා
    • ලේකම්
    • අධ්‍යක්ෂ ජනරාල්
    • සංවිධාන ව්‍යුහය
  • සේවාවන්සේවාවන්
  • කොට්ඨාශකොට්ඨාශ
    • මිනිස්බල සැළසුම්, සංවර්ධන හා පර්යේෂණ අංශය
    • රැකියා නිර්මාණ ප්‍රවර්ධන හා වෘත්තීය මාර්ගෝපදේශ අංශය
    • පරිපාලන පළාත් සැලසුම් හා මෙහෙයුම් අංශය
    • ගිණුම්
  • බාගතකිරීම්බාගතකිරීම්
    • රැකියා නිර්මාණ ප්‍රවර්ධන හා වෘත්තීය මාර්ගෝපදේශ අංශය
    • ශ්‍රම වෙළඳපොළ තොරතුරු අංශය
    • National Human Resource and Employment Policy
    • Foreign Trainings
    • Right To Information Act No 12 of 2016
    • Annual Internal Transfers Info & Format for Information Update
    • Departmental Formats (Internal)
  • ගැලරියගැලරිය
  • විමසීම්විමසීම්
    • අප අමතන්න
    • විමසීම් විස්තර

ග්‍රාහක පිවිසුම

  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • අප ගැන
  • හැදින්විම

හැදින්විම

Twitter
හැඳින්වීම

මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව එවකට කම්කරු සබඳතා සහ ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ 2010 පෙබරවාරි 2 වන දින අංක 1640/31 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් 2010  ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පිහිටවනු ලද දිවයිනේ සමස්ථ මානව සම්පතෙහි වර්ධනය උදෙසා වෘත්තිකයින් බිහිකිරීමේ අරමුණ කරගත් දෙපාර්තමේන්තුවකි.

රාජකාරී ඉටු කිරීමේ විෂය පථය

මෙම දෙපාර්තමේන්තුව විසින් පහත සඳහන් කාර්යයන් ඉටු කරලීමට බලාපොරොත්තු වේ.

  • ජාතික මිනිස්බල හා රැකීරක්‍ෂා‍ ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
  • රැකියා නිර්මාණ සහ ප්‍රවර්ධන කටයුතු.
  • වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දීම.
  • ශ්‍රම වෙළඳපොල ‍තොරතුරු එක්රැස් කිරීම විශ්ලේෂණය සහ බෙදා හැරීම.
  • එවකට රැකියා පියස මඟිනුත් වර්තමානයේදී එය මහජන රැකියා සේවාව (Public Employment Service - PES ) හරහාත් ඉටු කරනු ලබන සියළු කටයුතු

මේ අනුව මෙම දෙපාර්තමේන්තුව මඟින් මානව සම්පත තුල තිබෙන ශක්තීන් හා හැකියාවන් මෙන්ම ඒ හරහා අදාළ පුද්ගලයන්ට ලඟාකර ගත හැකි ඉහත ධනාත්මක වටිනාකම් හදුනාගෙන ඒ සඳහා වැදගත්, ඉහළ මෙන්ම ප්‍රයෝජනවත් වටිනාකමක් එකතුකල හැකි ආකාරයකට ඔවුන්ගේ වෘත්තීය අවශ්‍යතා ඉටුකරලීමට අවශ්‍ය මඟ පෙන්වීම, ඒ සඳහා ඉඩකඩ ලබාදීම, මාර්ග සකස් කර දීම, විවිධ රැකියා සඳහා පෙළඹවීම, හැකියාව වර්ධනය, සුළු පරිමාණ ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, රැකියා ක්ෂේත්‍රය තුල සිටින රැකියා හිමියන් හා ඉල්ලුම්කරුවන් එකිනෙකා මුණ ගැස්වීම සහ දිවයින තුළ ශ්‍රම වෙළඳ පොළ තොරතුරු එකතු කිරීම, විශ්ලේෂණය කිරීම හා අවශ්‍යතා මත එම තොරතුරු ලබා දීම ආදි කටයුතු රාශියක් ඉටුකල හැකිය.

උපාය මාර්ගික දිශානතිය

දැක්ම

“ලෝක මට්ටමේ ශ්‍රී ලාංකික ශ්‍රම බලකායක්”

මෙහෙවර

“පුළුල් නිපුනතාවයෙන් යුත් ක්‍රියාශීලි සහ ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රම බලකායක් ගොඩ නැගීම අපේ මානව සම්පත් වල මුළු ශක්තිය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගැනීම.”

දෙපාර්තම්න්තුවේ ගමන් මඟ

2010 වර්ෂයේ පිහිටුවන ලද මෙම දෙපාර්තමේන්තුව මඟින් මේ දක්වා වෘත්තීය මාර්ගෝපදේශනයට හා රැකියා නිර්මාණ ප්‍රවර්ධනයට අදාළව ක්‍රියාත්මක කරන ලද  වැඩසටහන් රාශියක් තුළින් ප්‍රතිලාභීන් 50000 කට අධික සංඛ්‍යාවකට ප්‍රතිලාභ ලබා දෙමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා රැකියා විරහිත තරුණ තරුණියන් 10000 කට අධික පිරිසකට පෞද්ගලික අංශයේ රැකියා ලබා දීම සඳහා කටයුතු කර ඇත.

එමෙන්ම අනුමත කාර්ය මණ්ඩලය 702 ක් වුවද තනතුරු පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් පැවති මෙම දෙපාර්තමේන්තුව එම පුරප්පාඩු රාජකාරී සඳහා බාධාවක් නොවන අයුරින් රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ බඳවාගත් උපාධිධාරී කණ්ඩායම් තුළින් ඒවා සම්පූර්ණ කර ගනිමින් මේ වන විට පුරප්පාඩු සංඛ්‍යාව 159 ක් වැනි ප්‍රමාණයකට අඩුකර ගෙන ඇත. ඒ අනුව ආයතනයේ කටයුතු කරගෙන යාමේදී අත්‍යවශ්‍ය වන සේවාවන්ට අදාළ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය කටයුතු  වර්ත‍මානයේදී සිදු කරමින් පවතී.

දීර්ඝ කාලීන ඉලක්ක

ගෝලීය වශයෙන් පවතින තරඟකාරීත්වයන් හා අභියෝගයන් හමුවේ එම තත්වයන්ට ගැලපෙන පරිදි හා ඊට අනුගත වන පරිදි ශ්‍රම බලකායක් සකස් කිරීම මෙම දෙපාර්තමේන්තුවේ මූලික වගකීම වේ. ඒ අනුව ලෝක මට්ටමේ ශ්‍රී ලාංකීක ශ්‍රම බලකායක් ඇති කිරීම දැක්ම කරගත් මෙම දෙපාර්තමේන්තුවේ දිගුකාලීන ඉලක්ක පහත පරිදි වර්ගීකරණය කල හැකිය.

  • ගෝලීය වශයෙන් තරගකාරී, නිපුණතාවයෙන් සහ බහුවිධ කුසලතාවයෙන් යුත් ශ්‍රි ලාංකික ශ්‍රම බලකායක් ගොඩනැංවීම.
  • විරැකියාව අවම කිරීම උදෙසා විවිධ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම.
  • සංවිධිත පරිපූර්ණ ශ්‍රම වෙළඳ පොළ තොරතුරු පද්ධතියක් ඇති කිරීම.
දෙපාර්තමේන්තුවේ අරමුණු

ඉහත ඉලක්කයන් ඉටුකරගැනීම බලපැවැත්වන්නේ පහත සඳහන් අරමුණු ඉටුකර ගැනීම තුළිනි.

  • ජාතික මිනිස්බල ප්‍රතිපත්තිය සකස්කර, ප්‍රතිපත්තිය සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • කුසලතා නොගැළපීම යන ව්‍යුහාත්මක සේවා වියුක්ති ගැටලුව විසඳීම.
  • වර්තමාන ශ්‍රමබලකායට අයත් සහ අනාගතයේ ශ්‍රම වෙළදපොළට එක්වීමට නියමිත සියලුම ශ්‍රි ලාංකිකයන් හට නිවැරදි වෘත්තීය දිශානතිය නිශ්චය කරගැනීම සඳහා පහසුකම් සැලසීම.
  • මිනිස්බල සැලසුම් කිරීම, සංවර්ධනය හා පුරෝකථනය.
  • අවිධිමත් අංශය සංවර්ධනය.
  • පෞද්ගලික අංශයේ රැකියා සඳහා රැකියා අපේක්ෂකයින් පෙළඹවීම.
  • නිදහස් රාජ්‍ය රැකියා සේවය ලබාදීම.
  • අවධානමට ලක්වී ඇති කණ්ඩායම්, ආබාධිත පුද්ගලයින් සහ ඌන සංවර්ධිත ප්‍රදේශවල වෙසෙන පුද්ගලයින් සඳහා මිනිස්බල හා සේවා නියුක්තිය ආශ්‍රිත පහසුකම් සැපයීම.
  • ගෝලීය හා දේශීය වශයෙන් නිවැරදි ශ්‍රම වෙළඳපොළ තොරතුරු සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබාදීම.
  • දේශීය හා ගෝලීය ශ්‍රම වෙළඳපොළ නැමියාවන් පූරෝකථනය.

මේ අයුරින් විරැකියාව අවම කිරීම හා යහපත් රැකියා ඇතිකිරීම යන සත්කාර්යයන් ඉටුකරගැනීම උදෙසා මෙම දෙපාර්තමේන්තුව සිය මානව සම්පත් උපයෝගී කර ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

ශ්‍රම වෙළඳපොළ තොරතුරු

  • Job Profile for Garment Industry in Sri Lanka

ප්‍රධාන මෙනුව

  • හැදින්විම
  • ගරු. අමාත්‍යතුමා
  • ගරු. රාජ්‍ය අමාත්‍ය
  • ලේකම්
  • අධ්‍යක්ෂ ජනරාල්
  • සංවිධාන ව්‍යුහය

රැකියා අපේක්ෂක

  • සේවානියුක්තියන් සෙවීම
  • රැකියා අපේක්ෂක පිවිසුම
  • සහය

බඳවා ගැනීම්

  • රැකියා ප්‍රචාරය
  • වර්තමාන පාරිභෝගික පිවිසුම
  • රාජ්‍ය ආයතන රැකියා

අප හා සම්බන්ධවන්න

යාවත්කාලිනය:
18-02-2019.

කතුහිමිකම © 2019 මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.

නිමැවුම සහ සංවර්ධනය Pooranee Inspirations.

