දැක්ම
"ජාත්‍යන්තර ශ්‍රම වෙළඳ පොල ජාලයේ ශ්‍රී ලාංකික කොටස්කරුවා වීම."
මෙහෙවර
"කාර්යක්ෂම හා ඵලදායි තීරණ ගැනිම සඳහාත් ප්‍රතිපත්ති සම්පාදන කාර්යය සඳහාත් අවශ්‍ය ශ්‍රම වෙළඳ පොල තොරතුරු භාවිතයට පහසු වන ආකාරයෙන් සියලු පාර්ශ්වයන් වෙත සම්පාදනය කර දීම."
අරමුණු
- ශ්‍රම වෙළඳ පොල සමීක්ෂණ සඳහා මෙහෙය වීම. (මඟ පෙන්විම)
- ශ්‍රම ඉල්ලුම සහ සැපයුම සඳහා පුරෝකතනය.
- ශ්‍රම වෙළඳ පොල තොරතුරු විශ්ලේෂනය හා බෙදා හැරිම.
උපායමාර්ගික පරමාර්ථය (1)
ශ්‍රම වෙළඳ පොල හරහා උත්පාදනය සහ ව්‍යාප්ත උපායමාර්ගික කලාප නිරවද්‍ය සහ අර්ථාන්විත තොරතුරු තුළින් කාලානුරූපව මිනුම් කිරිම.
උපාය මාර්ගික අරමුණූ
- ව්‍යාප්ත තොරතුරු මත රැකියා වියුක්තිය, නියුක්තිය මත සහ අනෙකුත් ශ්‍රම වෙළඳපොල සහ ජනලේඛන තොරතුරු රැස් කිරිම, විශ්ලේෂණය.
- ශ්‍රම බලකාය සහ රැකියා නියුක්තික ප්‍රක්ෂේපණය උත්පාදනය සහ ව්‍යාප්තිය.
- රැකියා සුරක්ෂිතතාවය, සහ වන්දි ගෙවිමේ සංඛ්‍යා ලේඛන පිළිබඳ දත්ත රැස්කිරිම සහ විශ්ලේශනය.
- ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සන්සන්දනාත්මක නිෂ්පාදන සහ ව්‍යාප්ත ඵලදායකත්ව දත්තශ්‍රේණි.
- කේන්ද්‍රයික ශ්‍රම වෙළඳපොල තොරතුරු ස්වයංක්‍රියකරණ පද්ධතියකින් යාවත්කාලින කිරිම සහ පවත්වාගෙන යාම.
උපායමාර්ගික පරමාර්ථය (2)
අපගේ ශ්‍රම වෙළඳපොළ තොරතුරු වල මිනුම් අනුකූලත්වය නිපුණත්වය සහ නිරවද්‍යතාවය සංඛ්‍යාන වැඩසටහන් සහ නිමැවුම් හරහා අයදුම් කිරිම. (ඉල්ලීම) සංඛ්‍යාන උපක්‍රම වර්ධනය, ශ්‍රම වෙළඳපොල සංකල්ප තාක්ෂණික සහ කළමනාකරණ ක්‍රියාවලි වර්ධනය
උපාය මාර්ගික අරමුණූ
- ප්‍රමිතියෙන් යුතුව නිමැවුම, වර්තමාන රැකියා නියුක්තියෙන් සහ අනෙකුත් සංඛ්‍යාන වැඩි දියුණු කිරිම, නව රැකියාවක් ආරම්භක වැඩසටහන් සනාථ කිරිම සහ ශ්‍රම පිරිවැටුම් සමීක්ෂණ.
- දත්ත ප්‍රතිපාදන සමඟ සමායෝජනය කිරිම සහ සහයෝගය වැඩි කිරිම.
- (බාහිර) පරදුදරන්නන් නියම කිරිම සහ ආමන්ත්‍රණය ඔවුන්ගේ අවශ්‍යතා ක්‍රමයෙන් ඇති කිරිමට බලාපොරොත්තු විම.
ක්‍රියාකාරකම් - 2016
- සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රැකියා පැතිකඩ සමීක්ෂණය.
- වරාය සහ නාවික ක්ෂේත්‍රය සඳහා රැකියා පැතිකඩ සමීක්ෂණය.
- අවිධිමත් අංශයේ රැකියා යෝග්‍යතාව පිළිබඳ අධ්‍යයනය.
- රාජ්‍ය අංශයේ රැකියා යෝග්‍යතාව දිස්ත්‍රික්ක මට්ටමින් මිනුම් කිරිමේ සමීක්ෂණය.
- විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල කණ්ඩායම් හි රැකියා යෝග්‍යතාව පිළිබඳ අධ්‍යයනය.
- ඇබෑර්තු සමීක්ෂණය මුලිකත්වය තුළින් රැකියා ඉල්ලුම පිළිබඳ විශ්ලේෂණය.
- විදේශ සේවා නියුක්තියේ නැඹුරුතාව පිළිබඳ අධ්‍යයනය.
- සමාජ ආර්ථික දත්ත අත්පොත.
පසුබිම
රාජ්‍ය හා පුද්ගලික අංශවල හවුල් ව්‍යාපෘතියක් ලෙස අංක අමප/03/0874/130/23 EPD/464 හා 2003.10.15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව රැකීරක්‍ෂා සේවා මධ්‍යස්ථාන ජාලය (රැකියා පියස) 2003 වර්ෂයේදී ස්ථාපනය කරන ලදි. ජාතික රැකීරක්‍ෂා ප්‍රතිපත්තියේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරු සබඳතා හා රැකීරක්‍ෂා අමාත්‍යාංශය යටතේ මෙම ආයතනය පුළුල් පරාසයක් තුළ ලඟා විය හැකි පරිගණක පද්ධතියක් හරහා සියලු මධ්‍යස්ථාන එකිනෙකට සම්බන්ධ කරන ලදි. මුලින් විදේශ ආධාර ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වු එය 2007.01.31 දක්වා ක්‍රියාත්මක විය. අනතුරුව කම්කරු සබඳතා හා මිනිස්බල අමාත්‍යාංශ විසින් 2007.01.24 දින ඉදිරිපත් කළ අංක 2/2007 අමාත්‍ය මණ්ඩල සන්දේශයට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ශ්‍රී ලංකා රැකියා පියස ඇපයෙන් සීමීත සමාගමක් ලෙස ලියාපදිංචි කරන ලදි.
2010 වර්ෂයේදී එම විෂය පථය කම්කරු සබඳතා හා ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ පිහිටවු මිනිස්බල හා රැකීරක්‍ෂා දෙපාර්තමේන්තුවට පැවරුණු අතර, ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ගරු ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 03/2011 හා 2011.02.15 දිනැති සංදේශයට අනුව රැකියා පියස ප්‍රතිව්‍යුහගත කිරීමට අදාලව ඉදිරිපත් කරන ලද කරුණු සඳහා 2011 මැයි මස 12 දින තීරණය මඟින් අනුමැතිය ලැබී ඇත.
6/2011 අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ලැබුණු තීරණවලට අනුව Jobs Net ඇපයෙන් සීමීත සමාගම යටතේ පැවතුනු දිස්ත්‍රික් රැකියා පියස මධ්‍යස්ථාන මිනිස්බල හා රැකීරක්‍ෂා දෙපාර්තමේන්තුව යටතට පවරා ගන්නා ලදි. ඉන් පසුව දෙපාර්තමේන්තුව යටතේ ඇති කරන ලද දිස්ත්‍රික් මහජන රැකියා සේවා මධ්‍යස්ථාන වෙත රැකියා පියස මධ්‍යස්ථාන සතුව තිබු භෞතික සම්පත් ද පවරා දෙන ලදී. මෙසේ පිහිටුවනු ලැබු දිස්ත්‍රික් රැකියා සේවා මධ්‍යස්ථාන ක්‍රියාත්මක තත්ත්වයේ පවත්වාගෙන යමින් දෙපාර්තමේන්තුවේ අරමුණු සාක්ෂාත් කර ගනිමින් මහජන රැකියා සේවාව සැපයීමට අදාළ කටයුතු ඉටුකරමින් පවති.
මහජන රැකියා සේවාවේ අරමුණු
- රැකියා සම්බන්ධීකරණය.
- ශ්‍රම වෙළඳපොල තොරතුරු ඒකකය ලෙස කටයුතු කිරීම.
- ශ්‍රම වෙළඳපොල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- වෘත්තීය පුහුණු සඳහා යොමු කිරීමේ සේවාවන්.
- PES මධ්‍යස්ථාන සම්බන්ධිත පාර්ශවකරුවන් සමඟ සම්බන්ධීකරණය.
- පෞද්ගලික අංශයේ රැකියා නියෝජිත ආයතන ලියාපදිංචි කිරීම හා සම්බන්ධීකරණය.
- රැකියා වියුක්තිකයින් සඳහා ප්‍රතිලාභ සැළසීමේ ක්‍රමවේදයන්.
මහජන රැකියා සේවා මධ්‍යස්ථානය මඟින් ඉටු කරන කාර්යයන්
- රැකියා අපේක්ෂිතයින් ලියාපදිංචි කිරීම.
- රැකියා ඇබෑර්තු ලබා ගැනීම සහ එම ආයතන ලියාපදිංචි කිරීම.
- රැකියා ගැලපීම.
- රැකියා අපේක්ෂිතයින්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සහ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම.
- ඇබෑර්තු සහ රැකියා අපේක්ෂිතයින් ගැලපීම සහ ආයතන වලට සම්මුඛ පරීක්ෂණ සඳහා යොමු කිරීම.
- රැකියාගත කිරීම් සහ පසු විපරම් කටයුතු.
- වෘත්තීය මාර්ගෝපදේශ සේවා සැපයීම.
- රැකියා අපේක්ෂිතයින් වෘත්තීය පුහුණු අවස්ථා සඳහා යොමු කිරීම.
රැකියා අපේක්ෂිතයින් ලියාපදිංචි කර ගැනීම, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින මානව සම්පත් සංවර්ධන නිලධාරීන් මඟින්, රැකියා ගවේශන වැඩසටහන්, රැකියා පොළ (ප්‍රාදේශීය සහ දිස්ත්‍රික්) හා කාර්යාලයට පැමිණෙන අපේක්ෂිතයන් ලියාපදිංචිය මඟින් සිදු කරනු ලැබේ. රැකියා අපේක්ෂිතයින් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඔවුන්ගේ රැකියා අපේක්ෂාවන් හඳුනාගෙන අවශ්‍ය වෘත්තීය මාර්ගෝපදේශ සැපයීම, දිස්ත්‍රික් වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන් හා සම්බන්ධීකරණයෙන් සිදු කරනු ලැබේ.
දිස්ත්‍රික් මහජන රැකියා සේවා මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන ස්ථාන
වර්තමානයේ පහත සඳහන් ස්ථානවල මහජන රැකියා සේවා මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ.
අනු අංකය |
දිස්ත්‍රික්කය හා ස්ථානය | අනු අංකය |
දිස්ත්‍රික්කය හා ස්ථානය |
1 | අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | 12 | පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
2 | අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | 13 | බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
3 | කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | 14 | මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
4 | කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | 15 | මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
5 | කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | 16 | මහනුවර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය |
6 | කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | 17 | මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
7 | කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | 18 | මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
8 | ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | 19 | මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
9 | ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | 20 | යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
10 | ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | 21 | රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
11 | නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | 22 | වවුනියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
දිස්ත්‍රික් මහජන රැකියා සේවා මධ්‍යස්ථාන මගින් ක්‍රියාත්මක කරනු ලබන රැකියා පොළ වැඩසටහන
අරමුණු
- දිස්ත්‍රික් මට්ටමෙන් අප මධ්‍යස්ථානයේ ලියාපදිංචි වී සිටින මෙන්ම දිස්ත්‍රික්කයේ අනෙකුත් රැකියා අපේක්‍ෂිතයින් හා රැකියා සපයන ආයතන එකම ස්ථානයකදී මුණගැස්වීම.
- අදාළ දිස්ත්‍රික්/ප්‍රාදේශීය රැකියා අපේක්ෂිතයින් ලියාපදිංචි කිරීම තුළින් දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම.
- රැකියා අපේක්‍ෂිතයින්හට මෙම රැකියාපොළ හරහා වත්මන් ශ්‍රම වෙළදපොළ, වැඩ ලෝකය පිළිබඳ දැනුමක් ලබා දීම.
- රැකියා පොළ මඟින් ඒ සඳහා සහභාගී වන රැකියා සපයන ආයතනවල පවතින පුරප්පාඩු සඳහා සුදුසුම අයදුම්කරුවන් රැකියා ගත කරවීම.
- වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- පෞද්ගලික අංශයේ රැකියා පිළිබඳ ධනාත්මක ආකල්පමය වෙනසක් ඇති කිරීම.
- වෘත්තීය පුහුණු ආයතන සම්බන්ධ කර ගැනීම තුළින් රැකියා අපේක්‍ෂිතයින්හට අවශ්‍ය ඵලදායී පුහුණු අවස්ථා හදුන්වාදීම සහ ඒවා වෙත යොමු කරවීම.
- ස්වයං රැකියා සහ ජිවනෝපාය සංවර්ධන වැඩසටහන් සඳහා සහාය සපයන ආයතන හදුන්වාදීම සහ ස්වයං රැකියා අවස්ථාවන් සඳහා යොමු වීම උදෙසා පහසුකම් සැපයීම.
- තම ආයතනවල පවතින රැකියා අවස්ථාවන් සහ රැකියා අපේක්‍ෂිතයින්ගෙන් ඔවුන් අපේක්‍ෂා කරන කුසලතා පිළිබදව ජනතාව දැනුවත් කිරීමට එකී සේවා සපයන ආයතනවලට අවස්ථාවක් සැලසීම.