රැකියා නිර්මාණ හා ප්‍රවර්ධන ඒකකය
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ තරුණ සේවා වියුක්තිය බලවත් වෙමින් පවතින බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව පෙනීයන කරුණක් වේ. එම සේවා වියුක්ති තොරතුරු අනුව උගත් තරුණ සේවා වියුක්තිය රටේ ප්‍රධාන අභියෝගයක් බව පෙනී යයි. මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අරමුණ ඉලක්ක ගත වන්නේ ශ්‍රී ලංකාවේ සේවා වියුක්ති ගැටළුව අවම කිරීම පෙර දැරි කරගෙනය.
ලෝක මට්ටමේ ශ්‍රම බලකායක් ඇති කිරීම අරමුණු කරගෙන තම කාර්යයන් දියත් කරන මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ රැකියා නිර්මාණ හා ප්‍රවර්ධන ඒකකය ප්‍රධාන අරමුණු දෙකකින් ශ්‍රී ලංකාවේ විරැකියා ප්‍රශ්නයට පිළියම් සෙවීමට මැදිහත් වේ.
- රැකියා නිර්මාණය කිරීම
- රැකියා ප්‍රවර්ධනය කිරීම
රැකියා නිර්මාණ වැඩසටහන්
ලක්ෂ දෙකක පමණ රැකියා අපේක්ෂිතයින් පිරිසක්, වාර්ෂිකව ශ්‍රී ලංකා ශ්‍රම බලකායට ඇතුළු වන බව ගණන් බලා ඇත. නව රැකියා උත්පාදන මූලාශ්‍ර හරහා ශ්‍රී ලංකාවේ සේවා වියුක්තිය අවම කිරීමේ අරමුණ ඇතිව දෙපාර්තමේන්තුව පහත සදහන් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
සම්බන්ධීකරණ කටයුතු | : | මානව සම්පත් සංවර්ධන නිළධාරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. |
කාලය | : | 8.30 පෙ.ව. - 4.00 ප.ව. (දින 04 යි) |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් දැනට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික කටයුතු වල නියුතු ව්‍යවසායකයින් සහ නව ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තුවන ප්‍රතිලාභීන් සදහා සිදු කරනු ලබන වැඩසටහනකි. වැඩසටහනට සහභාගිවන ප්‍රතිලාභීන්ගේ ව්‍යාපාරික දියුණුව සදහා පහත සදහන් දායකත්වය අප දෙපාර්තමේන්තුව මගින් සපයා දෙනු ලබයි.
- ව්‍යවසායකත්ව ගති ලක්ෂණ ගොඩ නංවා ගැනීමට අවශ්‍ය මග පෙන්වීම.
- කළමණාකරණය, අලෙවිකරණය, මහජන සම්බන්ධතා, මිල කිරීම යනාදී දෑ පිලිබදව මග පෙන්වීමක් සිදු කරයි.
- ජීවිත දර්ශනය හා ව්‍යපාරික දර්ශනය ගොඩා නගා ගැනීමට අවශ්‍ය මග පෙන්වීම.
- ව්‍යාපෘති වාර්තා සකස් කිරීම පිලිබද පුළුල් දැනුමක් ලබා දීම.
- මූල්‍ය පහසුකම් සදහා ආයතන සම්බන්ධීකරණය සිදු කිරීම යනාදිය සිදු කරයි.
- පුහුණුවට අදාල සහතික පත්‍රයක් ලබා දීම සිදු කෙරේ.
අවිධිමත් ලෙස ස්වයං වයාපාර වල නිරත වන ව්‍යවසායකයින් විධිමත් කිරීම සදහා ව්‍යවසායකත්ව පුහුණුව ලබා දීම තුලින් ඔවුන්ගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කිරීම තුළින් ව්‍යාපාර සංවර්ධනය කර එම ප්‍රදේශය තුල නව රැකියා අවස්ථා ප්‍රාදේශීය මට්ටමින් බිහි කිරීමද තවත් කාර්යයකි. මෙම වැඩසටහන තුළින්,…
- වෙළෙදපොළ ගැටළු අවම කිරීම.
- විකිණීම් උපරිම කිරීම.
- නිර්මාණශීලිත්වය තුළින් ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කිරීම.
- දැනුම, ආකල්ප, කුසලතා වැඩි දියුණු කිරීම.
- ව්‍යාපාරික අවස්ථා හදුනාගැනීම වැඩි දුරටත් සිදු කෙරේ.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනුයේ, ශ්‍රී ලංකාවේ දැනට ව්‍යවසායක කාර්යයෙහි නිරත වන ව්‍යවසායකයින්ගේ ව්‍යවසායකත්ව හැකියා සංවර්ධනය කිරීම තුළින් ව්‍යවසායකයින්ගේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම වේ.
සම්බන්ධීකරණ කටයුතු | : | මානව සම්පත් සංවර්ධන නිළධාරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
කාලය |
: | 8.30 පෙ.ව. - 4.00 ප.ව. (දින 01 යි) |
මෙම වැඩසටහනට සම්බන්ධ කරගත හැකි අවධානමට ලක්වූවන් යන්නෙන් අදහස් කරන්නේ කිසියම් පුහුණුවක් ලබා ආදායමක් ඉපයීය හැකි ශාරීරිකව හෝ මානසිකව අවතැන් වු අය, අඩු ආදායම්ලාභින්, යුද්ධය නිසා අවතැන් වූවන්, ස්වාමියා හෝ භාර්යාව අහිමි වුවන්, දීර්ඝ කාලීන වශයෙන් රැකියා විරහිකව සිටින්නන් වේ.
මෙම ප්‍රතිලාභීන්ගේ අවශ්‍යතා හදුනාගෙන කුසලතා සංවර්ධනය කර ස්වයං හා සෘජු රැකියා උත්පාදනය කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වේ.
සම්බන්ධීකරණ කටයුතු | : | මානව සම්පත් සංවර්ධන නිළධාරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
කාලය | : | මෙම වැඩසටහන අඛණ්ඩව වසර පුරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සිදු කෙරේ. |
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝග ජය ගැනීම සදහා ඔවුන්ට අත්වැලක් වෙමින් ශ්‍රී ලංකාවේ සේවා වියුක්තිය අවම කිරීම මත රැකියා වර්ධනය කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක කරන දෙපාර්තමේන්තුවේ රැකියා නිර්මාණ හා ප්‍රවර්ධන අංශයේ ප්‍රමුඛතම වැඩසටහනකි. මෙම ව්‍යාපෘතිය මගින්,..,
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන මූල්‍ය, තාක්ෂණික, අලෙවි, කළමණාකරණ හා වෙනත් ගැටළු අවම කර ගැනීමට අවශ්‍ය සහාය සේවා සැපයීම.
- ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධනය කිරීමට අවශ්‍ය පුහුණු වීම් ලබා දීම.
- ව්‍යවසාකයින් ඒකරාශී කර ශක්තිමත් ව්‍යවසායක සංගමයක් පිහිටුවීම.
- සමාජයේ අවාසි සහගත තත්වයට පත්වන කණ්ඩායම් ව්‍යවසායකයින් ලෙස ඉදිරියට ගැනීමට සැකසූ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට ඉවහල් වන වැඩසටහනකි.
මෙම වැඩසටහන අඛණ්ඩව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සිදු කෙරේ.
සම්බන්ධීකරණ කටයුතු | : | මානව සම්පත් සංවර්ධන නිළධාරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
කාලය | : | 8.30 පෙ.ව. - 4.00 ප.ව. (දින 01 යි) |
ප්‍රාදේශීයව පවතින ව්‍යවසායකත්ව හා රැකියා ප්‍රවර්ධන අවශ්‍යතා හදුනාගෙන, ප්‍රතිලාභීන් පුහුණු කරමින් ඔවුන්ගේ දැනුම, කුසලතා, හා ආකල්ප දියුණු කිරීම අරමුණු කරගෙන දෙපාර්තමේන්තුව ක්‍රියාවට නංවන ප්‍රමුඛ වැඩසටහනක් වේ. ප්‍රාදේශීයව පවතින සම්පත් වලින් එම ප්‍රදේශයට ගැලපෙන රැකියා අවස්ථා ජනිත කිරීම හා එම සම්පත් වලින් උපරිම වශයෙන් ප්‍රයෝජන ගැනීම අරමුණු කරගෙන ක්‍රියාවට නංවන මෙම වැඩසටහන ග්‍රාමීය රැකියා වියුක්තිය අවම කිරීමට ඉවහල් වන වැඩසටහනකි. රැකියා විරහිත තරුණ තරුණියන්ගේ අවශ්‍යතා වලට ගැලපෙන පරිදි ආදායම් තත්වය නංවාලීමේ අරමුණින් හා ස්වයං රැකියා උත්පාදනය වර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරන වැඩසටහනකි.
ව්‍යාපාරවල නිරත වන ප්‍රතිලාභීන්ගේ ව්‍යාපාරවලට අදාල වන තාක්ෂණික දැනුම හා කළමණාකරණ දැනුම, ව්‍යාපාරික නීතිය, ධාරිතාවය උපරිම කිරීමට සහය වීම මෙයින් සිදුවේ.
රැකියා ප්‍රවර්ධන වැඩසටහන්
රැකියා වෙළෙඳපොළ තුළ ඇති නව ප්‍රවණතා සහ විවිධ අංශවල පවතින අවස්ථාවන් පිළිබඳව රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් දැනුවත් කිරීමත්, ඔවුන්ගේ සාම්ප්‍රදායික චින්තනය වෙනස් කිරීමත්, රැකියා වෙළෙදපොළේ පුරප්පාඩු ඇති ආයතන හදුනාගෙන ඒ සදහා රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් යොමු කිරීම හා වෘත්තීය පුහුණු පාඨමාලා සදහා යොමු කිරීමත් තුළින් රැකියා ගත කිරීමේ අරමුණ ඇතිව දෙපාර්තමේන්තුව පහත සදහන් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
සම්බන්ධීකරණ කටයුතු | : | මානව සම්පත් සංවර්ධන නිළධාරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
කාලය | : | 8.30 පෙ.ව. - 4.00 ප.ව. (දින 03 යි) |
ප්‍රතිලාභීන් | : | 100 යි |
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ රැකියා අපේක්ෂිතයින් හා රැකියා සපයන්නන් එක් ස්ථානයකට රැස්කොට, රැකියාගත වීමේ කටයුතු සඳහා පහසුකම් සැලසීම වේ.
පළමු දිනයේ දී, සම්මුඛ පරීක්ෂණ මගින් වැඩසටහන සදහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සිදු කෙරේ.
දෙවන දිනයේ දී, ආකල්ප සංවර්ධන වැඩසටහන්, රැකියා ක්ෂේත්‍ර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්, විවිධ රැකියා සඳහා පොළඹවීම් ඇති කෙරේ.
තුන්වන දිනයේ දී පෞද්ගලික අංශයේ රැකියා ආයතන පිළිබඳ දැනුවත් කර සම්මුඛ පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදු කෙරේ.
සම්බන්ධීකරණ කටයුතු | : | මානව සම්පත් සංවර්ධන නිළධාරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
කාලය | : | 8.30 පෙ.ව. - 4.00 ප.ව. (දින 05 යි) |
රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ගේ මෘදු කුසලතා සංවර්ධනය කිරීම හා රැකියා ගත වීමට පෙළෙඹවීම පුහුණු කිරීම තුළින් රැකියා ගත වීමට අවශ්‍ය මග පෙන්වීම කරනු ලබන රැකියා යෝග්‍යතා සංවර්ධන වැඩසටහනකි. මෙම වැඩසටහන මගින්,
- පාසල් අධ්‍යාපනය අවසන් කර ශ්‍රම වෙළෙදපොළට එකතු වන ප්‍රජාව හට වැඩ ලෝකයට පිවිසීමට මං පෙත් විවර කර දීම.
- රැකියා සදහා බදවා ගැනීමේදී අධ්‍යාපනික දැනුමට අමතරව පෞද්ගලික අංශය අපේක්ෂා කරන මූලික කුසලතා පුහුණු කර පෞද්ගලික අංශය අපේක්ෂා කරන ශ්‍රමිකයින් බවට පත් කිරීමෙන් තරුණ ප්‍රජාව රැකියා ගත කිරීම සිදු කෙරේ.
- පුහුණුවට අදාල සහතික පත්‍රයක් ලබා දීම සිදු කෙරේ.
සම්බන්ධීකරණ කටයුතු | : | මානව සම්පත් සංවර්ධන නිළධාරි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
කාලය | : | 8.30 පෙ.ව. - 4.00 ප.ව. (දින 02 යි) |
ගෝලීය වශයෙන් සලකා බැලීමේදී ආර්ථික ක්‍රියාවලියේ විවිධාංගීකරණය තුල සංචාරක කර්මාන්තය ප්‍රධානතම ආර්ථික ක්‍රියාවලියක් වී ඇති අතර ලෝකයේ සෑම රටකම මෙම සංචාරක කර්මාන්තය ජාතික ආර්ථිකයට වැදගත් ස්ථානයක් හිමිකර දී ඇත.
වර්ථමානයේ විශාල වශයෙන් විදේශ විනිමය රට තුළට ගලා එන මාධ්‍යයක් හා රැකියා ලෝකයේ වැඩිම රැකියා ප්‍රමාණයක් බිහිකිරීමේ අභියෝගය බාරගත් ක්ෂේත්‍රයක් බවට පත් වී ඇත. ශ්‍රී ලංකාවේද සංවර්ධන ක්‍රියාවලියේ අරමුණු ස්ථානගත වන්නේ සංචාරක ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරාලීම මුල් කරගෙන බව රජයේ ප්‍රතිපත්ති දෙස බැලීමේදී පැහැදිලි වේ. මෙම ව්‍යාපෘතියේ අරමුණු වන්නේ..,
- මෙම ක්ෂේත්‍රය පිළිබද ප්‍රායෝගික පුහුණුව සපයා දීම තුළින් රැකියා සදහා යොමු කිරීම.
- මෙම අංශයේ සේවා සපයන ආයතන වල පුරප්පාඩු හදුනාගෙන වැඩසටහන සම්බන්ධවන ප්‍රතිලාභින්ගේ එම පුරප්පාඩු සදහා අනුයුක්ත කිරීම.
- මෙම ක්ෂේත්‍රය තුළින් උත්පාදනය වන ස්වයං රැකියා අවස්ථා පිළිබද දැනුවත් කිරීම, පුහුණුව සදහා යොමු කිරීම, ව්‍යාපාර පවත්වාගෙන යාමට අවශ්‍ය සේවා සැපයීම සිදු කිරීම.
- පුහුණුවට අදාල සහතික පත්‍රයක් ලබා දීම සිදු කෙරේ.
This page is under construction
වෘත්තීය මාර්ගෝපදේශ ඒකකය
රටක සංවර්ධනයෙහි ගාමක බලවේගය වන්නේ මානව සම්පතයි. අප රටේ මානව සම්පත පිළිබඳ අධ්‍යයනයේදී පාසල් අධ්‍යාපනයේ විවිධ අදියරවලින් නුපුහුණු ශ්‍රමිකයින් ලෙස තරුණ ප්‍රජාව ශ්‍රම බලකායට එකතුවන අතර ශ්‍රම වෙළෙඳ පොලෙහි රැකියා කුසලතා නොගැලපීමේ ගැටළුව, රැකියා මනාපය, ශ්‍රම බලකා සහභාගීත්වය අඩුවීම, වෙළෙඳපොළ නව ප්‍රවනතා පිළිබද අඩු අවබෝධය, නිවැරැදි වෘත්තීය සැලැස්මක් නොමැතිවීම, උගත් තරුණ ප්‍රජාව අතර ඉහළ විරැකියා අනුපාතය ආදි ගැටඵ රාශියක් දක්නට ලැබේ.
රටේ සංවර්ධනයට දායක වන ඵලදායි මානව සම්පතක් ගොඩනැගීම උදෙසා වෘත්තීය මාර්ගෝපදේශය හා උපදේශනය මගින් ප්‍රබල දායකත්වයක් ලබාදේ. එමනිසා මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශය ලෙස අපගේ අරමුණ වන්නේ සේවා ලාභින්ගේ වෘත්තීය වරණය හා වෘත්තීය සංවර්ධනය මගින් රටේ මානව සම්පත්වල මුළු ශක්තිය කාර්යක්ෂම හා ඵළදායි ලෙස රටේ සංවර්ධනයට යොදාගනිමින්, ජාත්‍යන්තරයට ගැලපෙන මානව සම්පතක් බිහිකිරීම උදෙසා දායකවීමයි.
පෞද්ගලික හා කණ්ඩායම් මට්ටමින් වෘත්තීය මාර්ගෝපදේශනය හා උපදේශන සේවාවන් ලබාදීම
වැඩසටහනේ අරමුණ | : | අධ්‍යාපනික හා වෘත්තීය සංවර්ධනය උදෙසා සවිබලගැන්වීම |
සේවය ලබාදෙන දිනයන් | : | සතියේ සදුදා හා බදාදා දිනයන්හිදි |
සේවය ලබාදෙන ස්ථාන | : | සියළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හිදී |
සම්පත්දායකත්වය | : | වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් / සංවර්ධන නිලධාරීන් |
වැඩ ලොවට පිවිසෙන සේවාලාභින්ගේ වෘත්තීයකට පිවිසීම, නියැලීම, වෘත්තීය සංවර්ධනය ආදි විවිධ අදියරයන් වලදී මෙන්ම ජීවිතයේ සෑම තීරණාත්මක අවස්ථාවලදී අවශ්‍ය තීරණ ගැනීම උදෙසා සවිබලගැන්වීම අත්‍යවශය වේ. මේ සඳහා පෞද්ගලික උපදේශනය මගින් ඉටු වන්නේ සුවිශාල මෙහෙවරකි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් තාර්යාලයන්හි සේවයේ නියුතු වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් / සංවර්ධන නිලධාරීන් මගින් සේවාලාභින් උදෙසා කණ්ඩායම් හා පෞද්ගලික මටිටමින් උපදේශන සේවාවන් ලබා දෙනු ලැබේ.
ඔබේ ජයමගට අපේ පෙරමගක් අ.පො.ස (සා.පෙළ.) සිසුන් දැනුවත්කිරීමේ වෘත්තීය මාර්ගෝපදේශ වැඩමුඵව
වැඩසටහනේ අරමුණ | : | (උ/පෙළ.) විෂය ධාරාව තෝරා ගැනීමට සහය විම. (සා/පෙළ.) න් පසුව ඇති විකල්ප මාර්ග අවබෝධ කරලීම. |
කාලය | : | 8.30 පෙ.ව. - 1.30 ප.ව. (දින 01 යි) |
සම්පත්දායකත්වය | : | වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් |
සහභාගිත්වය | : | 30 |
වර්ෂයකට අ.පො.ස (සා.පෙළ.) විභාගයෙන් ආසන්න වශයෙන් 50% පමණ පිරිසක් අ.පො.ස (උ.පෙළ.) සදහා සුදුසුකම් ලබන අතර තවත් විශාල ප්‍රමාණයක් නුපුහුණු ශ්‍රමිකයන් ලෙස වෘත්තීය සැලැස්මකින් තොරව වැඩ ලෝකයට පිවිසේ. උ.පෙළ. සදහා සුදුසුකම් ලබන සිසුන්ට තම හැකියාවන්, ලැදියාවන් හා අගය කිරීම් අනාගත වෘත්තීය අරමුණු අනුව උ.පෙළ. විෂය ධාරාව තෝරා ගැනීමටත්, පාසලින් ඉවත්වන දරුවන්ට ඵළදායි ලෙස වැඩලෝකයට අනුගතවීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශ හා උපදේශන සේවාවන් ලබාදීම අත්‍යවශ්‍ය වේ.
ඔබේ ජයමගට අපේ පෙරමගක් අ.පො.ස (උ.පෙළ.) සිසුන් දැනුවත්කිරීමේ වෘත්තීය මාර්ගෝපදේශ වැඩමුඵව
වැඩසටහනේ අරමුණ | : | වෘත්තීය සැලැස්මක් සකස් කරගැනීමට සහාය වීම හා අධ්‍යාපන වෘත්තිය අධ්‍යාපන, වෘත්තීමය පාඨමාලා, ස්වයං රැකියා ක්ෂේත්‍ර වැනි විවිධ විකල්ප මාර්ග පිළිබද අවබෝධය ලබාදීම. |
කාලය | : | 8.30 පෙ.ව. - 1.30 ප.ව. (දින 01 යි) |
සම්පත්දායකත්වය | : | වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් |
සහභාගිත්වය | : | 30 |
වර්ෂයකට අ.පො.ස (උ.පෙළ.) විභාගයෙන් 5% පමණ පිරිසක් විශ්ව විද්‍යාලය සදහා සුදුසුකම් ලබන අතර තවත් විශාල ප්‍රමාණයක් නුපුහුණු ශ්‍රමිකයන් ලෙස වෘත්තීය සැලැස්මකින් තොරව වැඩලෝකයට පිවිසේ. මෙනිසා පාසලින් ඉවත් වන දරුවන්ට පාසලින් ඉවත්වීමට ප්‍රථම වෘත්තීය සැලැස්මක් සහිතව වැඩලෝකයට පිවිසීමටත්, ඵළදායි ලෙස වැඩලෝකයට අනුගතවීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශ හා උපදේශන සේවාවන් ලබාදීම අත්‍යවශය වේ.
වෘත්තිය සැලසුම් ජය ගැනීම - රැකියා විරහිත තරුණ තරුණියන් සදහා
වැඩසටහනේ අරමුණ | : | තරුණ තරුණියන්ට වැඩලෝකය සදහා සුදානම්වීමට. පිවිසීමට අවශ්‍ය කුසලතා දියුණු කිරීම. |
කාලය | : | 8.30 පෙ.ව. - 4.00 ප.ව.. (දින 01 යි) |
සම්පත්දායකත්වය | : | වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් |
සහභාගිත්වය | : | 30 |
පාසල් අධ්‍යාපනයෙන් පසුව තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් නිවැරැදි වෘත්තීය සැලැස්මකින් තොරව, රැකියාවක් නොමැතිව නිකරුණේ කාළය ගතකරන අතර එය රටේ සමාජ ආර්ථීක සංවර්ධනයට බාධාවක් වන අතර විවිධ අර්බුධ නිර්මාණයවීම සදහාද බලපෑම් සහගත වේ. එබැවින් ඉදිරි දැක්මක් සහිතව ජීවිතය සැලසුම් කොට ගැනීමටත්, නිර්මාණශිලිව වැඩ ලෝකයට අනුගත වීමටත් අවශ්‍ය මාර්ගෝපදේශය හා උපදේශනය ලබාදීම අත්‍යවශ්‍ය වේ.
"ඔබ අසිරිමත්ය" උපාධිධාරි වැඩසටහන
වැඩසටහනේ අරමුණ | : | විශ්ව විද්‍යාලවලින් වාර්ෂිකව බිහිවන උපාධිධාරීන්ගේ උපරිම දායකත්වය රටේ සමාජ ආර්ථික සංවර්ධනය සදහා ලබා ගැනීම. |
කාලය | : | 8.30 පෙ.ව. – 5.30 ප.ව. (දින 03 යි) |
සම්පත්දායකත්වය | : | වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් |
සහභාගිත්වය | : | 40 |
වර්ෂයකට ශ්‍රි ලංකාවේ දක්‍ෂතම සිසුන් ලෙස විශ්ව විද්‍යාල වරම් ලබන උපාධි අපේක්ෂිතයින් තුළ ඉදිරි දැක්මක් සහිතව ජීවිතය සැලසුම් කොට ගෙන නිර්මාණශිලිව වැඩ ලෝකයට අනුගත වීමටත්, ඔවුන්ගේ විභව්‍යතාවයන්හි මුඵ ශක්තිය රටේ සමාජ ආර්ථික සංවර්ධනයට යොදාගැනිම අත්‍යවශ්‍ය මෙන්ම කාලීන අවශ්‍යතාවයකි.
ගුරුවරුන් සදහා වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩමුළුව
වැඩසටහනේ අරමුණ | : | වෘත්තීය මාර්ගෝපදේශය පිළිබද ජාතික ආයතනය ලෙස වෘත්තීය මාර්ගෝපදේශය පිළිබද ගුරුවරුන් දැනුවත් කර එමගින් පාසල් සිසුන් වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි වෘත්තිය මාර්ගෝපදේශ සේවාවන් ලබාදිම. |
කාලය | : | 8.30 පෙ.ව. - 4.00 ප.ව. (දින 02 යි) |
සම්පත්දායකත්වය | : | වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් |
සහභාගිත්වය | : | 40 |
පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් විවිධ මට්ට්ම්වලදී නුපුහුණු ශ්‍රමිකයින් ලෙස වාර්ෂිකව ශ්‍රම බලකායට එකතුවේ. එමනිසා පාසල් කාලය තුලදී පාසල් ළමුන්ට සිය අනාගත වෘත්තීය සැලැස්ම සකස් කර ගැනීම සදහා වෘත්තීය මාර්ගෝපදේශය හා උපදේශනය ලබාදීම අත්‍යවශ්‍ය වේ. එමගින් පාසලින් වැඩලොවට පිවිසෙන දරුවන් ඵළදායි ලෙස වැඩලෝකයට අවශෝෂණය කරගත හැකිවේ.
දෙමාපියන් දැනුවත් කිරීමේ වෘත්තීය මාර්ගෝපදේශ වැඩමුළු
වැඩසටහනේ අරමුණ | : | සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන පාසල් සිසුන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සාර්ථකත්වය උදෙසා දෙමාපිය භූමිකාව පිළිබඳ අවබෝධයක් ලබා දීම |
කාලය | : | 8.30 පෙ.ව. - 12.00 ප.ව. (දින 01 යි) |
සම්පත්දායකත්වය | : | වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් |
සහභාගිත්වය | : | 50 |
මේ වෙනස්වන සමාජ ආර්ථික රටාව තුළ දරුවන් නිසි මගට යොමු කර රටට ඵලදායී පුරවැසියෙකු බිහි කිරීම දෙමාපියන්ගේ වගකීමයි. එමනිසා වෙනස් වන සමාජ ආර්ථික රටාව තුළ අධ්‍යාපන ක්‍ෂේත්‍ර, වෘත්තීය ක්‍ෂේත්‍ර පිළිබඳ පමණක් නොව දරුවන් නිවැරදිව හදා වඩා ගැනීමේ රටාව පිළිබඳවද දෙමාපියන් දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ. එමනිසා දරුවන්ගේ දක්ෂතා හඳුනා ගැනීම වෙනස් වන අධ්‍යාපන හා රැකියා ක්ෂේත්‍ර පිළිබඳවත්, දරුවන් හදා වඩා ගැනීමේ ක්‍රමවේද පිළිබඳවත් දැනුවත් කිරීම හා ඔවුන්ගේ දැනුම අලුත් කිරීම කාලීන අවශ්‍යතාවයකි. එය දරුවාගේ අනාගත වෘත්තීය සංවර්ධනයට සෘජු ලෙසම බලපෑම් සහගත වේ.
ස්වයං රැකියා ඇරඹීම සඳහා මාර්ගෝපදේශ ලබා දීමේ වැඩසටහන
වැඩසටහනේ අරමුණ | : | ස්වයං රැකියා ඇරඹීම සඳහා කැමැත්තක් දක්වන තරුණ තරුණියන් ස්වයං රැකියා ඇරඹීම සඳහා පෙළඹවීම. |
කාලය | : | 8.30 පෙ.ව. - 01.00 ප.ව. (දින 1/2 යි) |
සම්පත්දායකත්වය | : | වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් |
සහභාගිත්වය | : | 30 |
රටක ආර්ථික සංවර්ධනයේදී ස්වයං රැකියා ක්ෂේත්‍රයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එමනිසා ස්වයං රැකියා සදහා හැකියාවක්, දක්ෂතාවයක් ඇති තරුණ තරුණියන් ඒ සදහා යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි.
අවධානමට ලක්වූවන් සඳහා වන වෘත්තීය මාර්ගෝපදේශ වැඩමුළුව
වැඩසටහනේ අරමුණ | : | සමාජයේ අවධානමක් ඇති තරුණ තරුණියන් සවිබලගැන්වීම මගින් ආර්ථිකයේ විවිධ අංශ සඳහා දායක කරගැනීම |
ඉලක්ක කණ්ඩායම | : | විශේෂ අවශ්‍යතා සහිත, විවිධ ගැටුම්වලට මුහුණ දුන්, බලපෑම්වලට හසු වූ අවධානම් සහගත වාතාවරණයන්ට මුහුණ දෙන ළමුන් 30 ක කණ්ඩායමක් |
කාලය | : | 8.30 පෙ.ව. - 04.00 ප.ව. (දින 01 යි) |
සම්පත්දායකත්වය | : | වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් |
සහභාගිත්වය | : | 30 |
ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විශේෂ අවශ්‍යතා සහිත, විවිධ ගැටුම්වලට මුහුණ දුන්, බලපෑම්වලට හසු වූ අවධානම් සහගත වාතාවරණයන්ට මුහුණ දෙමින් සිටින අතර ඔවුන් ප්‍රධාන ප්‍රවාහයට ගෙන රැකියා යෝග්‍යතාවය ඇතිකිරීම මගින් රටේ ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
හසර වෘත්තීය මාර්ගෝපදේශ අධ්‍යාපනික හා තොරතුරු සංග්‍රහය
වැඩසටහනේ අරමුණ | : | වෘත්තීය මාර්ගෝපදේශ හා උපදේශනය ආශ්‍රිත දැනුම සමාජගත කිරිම තුළින් ඉලක්ක ප්‍රජාව සවිබල ගැන්වීම |
කාලය | : | වසරකට සඟරා 4 |
සංස්කරණය | : | වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් |
ඉලක්ක කණ්ඩායම | : | පාසල් සිසුන්, රැකියා විරහිත තරුණ තරුණියන්, රැකියාගත වෘත්තීය සංවර්ධනය අපේක්ෂා කරන්නන්, වෘත්තිකයින් |
රටේ සංවර්ධනයට දායක වන විභව්‍යතාවයන්ගෙන් හා දැනුම කුසලතා ආකල්ප යුත් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේදී සගරා පුවත් පත් වැනි ලිඛිත මාධ්‍ය හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන්ගෙන් ඉටුවන්නේ ඉතා ඉහළ මෙහෙයකි. ඒ අනුව අපේ රටට තවමත් නව්‍ය සංකල්පයක් වූ වෘත්තිය මාර්ගෝපදේශය හා උපදේශනය සමාජගත කොට තරුණ තරුණියන් සතු විභව්‍යතාවය රටේ සංවර්ධනයට යොදා ගැනිමටත්, රටේ සංවර්ධනයට උචිත දැනුම කුසලතා ආකල්පවලින් යුතු ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමත් අත්‍යවශ්‍ය වේ.
වෘත්තීය මංපෙත් වැඩසටහන
වැඩසටහනේ අරමුණ | : | පාසල් කාළය තුළදීම වෘත්තීය සැළසුම් කරගැනීම උදෙසා අධ්‍යාපන වෘත්තීය පාඨමාලා වෘත්තීය සංවර්ධන මාර්ග පිළිබද පාසල් සිසුන් දැනුවත් කිරීම |
කාලය | : | 8.30 පෙ.ව. - 01.30 ප.ව. (දින 01 යි) |
සම්පත්දායකත්වය | : | වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් / විවිධ වෘත්තීය අධ්‍යාපන ආයතන නියෝජිතයින් |
සහභාගිත්වය | : | 200 |
පාසල් අධ්‍යාපනයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ආදි විවිධ කඩඉම් වලින් නුපුහුණු ශ්‍රමිකයින් ලෙස තරුණ තරුණියන් රැකියා වෙළෙඳ පොළට එකතු වන අතර ඔවුන් අතරින් බොහෝමයක් නිවැරැදි වෘත්තීය අරමුණකින් තොරව විවිධ පාඨමාලා තෝරා ගැනීම, කිසිදු පාඨමාලාවකට ප්‍රවේශ නොවී විරැකියාවෙන් යුතුව නිකරුනේ කාලය ගත කරන තත්වයක් ඇති අතර මෙය රටේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉතා හානිකර අන්දමින් බලපෑමි කරයි.