ඔබේ ජයමගට අපේ පෙරමගක් අ.පො.ස (සා.පෙළ.) සිසුන් දැනුවත්කිරීමේ වෘත්තීය මාර්ගෝපදේශ වැඩමුඵව
වැඩසටහනේ අරමුණ |
: |
(උ/පෙළ.) විෂය ධාරාව තෝරා ගැනීමට සහය විම. (සා/පෙළ.) න් පසුව ඇති විකල්ප මාර්ග අවබෝධ කරලීම. |
කාලය |
: |
8.30 පෙ.ව. - 1.30 ප.ව. (දින 01 යි) |
සම්පත්දායකත්වය |
: |
වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් |
සහභාගිත්වය |
: |
30 |
වර්ෂයකට අ.පො.ස (සා.පෙළ.) විභාගයෙන් ආසන්න වශයෙන් 50% පමණ පිරිසක් අ.පො.ස (උ.පෙළ.) සදහා සුදුසුකම් ලබන අතර තවත් විශාල ප්‍රමාණයක් නුපුහුණු ශ්‍රමිකයන් ලෙස වෘත්තීය සැලැස්මකින් තොරව වැඩ ලෝකයට පිවිසේ. උ.පෙළ. සදහා සුදුසුකම් ලබන සිසුන්ට තම හැකියාවන්, ලැදියාවන් හා අගය කිරීම් අනාගත වෘත්තීය අරමුණු අනුව උ.පෙළ. විෂය ධාරාව තෝරා ගැනීමටත්, පාසලින් ඉවත්වන දරුවන්ට ඵළදායි ලෙස වැඩලෝකයට අනුගතවීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශ හා උපදේශන සේවාවන් ලබාදීම අත්‍යවශ්‍ය වේ.
ඔබේ ජයමගට අපේ පෙරමගක් අ.පො.ස (උ.පෙළ.) සිසුන් දැනුවත්කිරීමේ වෘත්තීය මාර්ගෝපදේශ වැඩමුඵව
වැඩසටහනේ අරමුණ |
: |
වෘත්තීය සැලැස්මක් සකස් කරගැනීමට සහාය වීම හා අධ්‍යාපන වෘත්තිය අධ්‍යාපන, වෘත්තීමය පාඨමාලා, ස්වයං රැකියා ක්ෂේත්‍ර වැනි විවිධ විකල්ප මාර්ග පිළිබද අවබෝධය ලබාදීම. |
කාලය |
: |
8.30 පෙ.ව. - 1.30 ප.ව. (දින 01 යි) |
සම්පත්දායකත්වය |
: |
වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් |
සහභාගිත්වය |
: |
30 |
වර්ෂයකට අ.පො.ස (උ.පෙළ.) විභාගයෙන් 5% පමණ පිරිසක් විශ්ව විද්‍යාලය සදහා සුදුසුකම් ලබන අතර තවත් විශාල ප්‍රමාණයක් නුපුහුණු ශ්‍රමිකයන් ලෙස වෘත්තීය සැලැස්මකින් තොරව වැඩලෝකයට පිවිසේ. මෙනිසා පාසලින් ඉවත් වන දරුවන්ට පාසලින් ඉවත්වීමට ප්‍රථම වෘත්තීය සැලැස්මක් සහිතව වැඩලෝකයට පිවිසීමටත්, ඵළදායි ලෙස වැඩලෝකයට අනුගතවීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශ හා උපදේශන සේවාවන් ලබාදීම අත්‍යවශය වේ.
වෘත්තිය සැලසුම් ජය ගැනීම - රැකියා විරහිත තරුණ තරුණියන් සදහා
වැඩසටහනේ අරමුණ |
: |
තරුණ තරුණියන්ට වැඩලෝකය සදහා සුදානම්වීමට. පිවිසීමට අවශ්‍ය කුසලතා දියුණු කිරීම. |
කාලය |
: |
8.30 පෙ.ව. - 4.00 ප.ව.. (දින 01 යි) |
සම්පත්දායකත්වය |
: |
වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් |
සහභාගිත්වය |
: |
30 |
පාසල් අධ්‍යාපනයෙන් පසුව තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් නිවැරැදි වෘත්තීය සැලැස්මකින් තොරව, රැකියාවක් නොමැතිව නිකරුණේ කාළය ගතකරන අතර එය රටේ සමාජ ආර්ථීක සංවර්ධනයට බාධාවක් වන අතර විවිධ අර්බුධ නිර්මාණයවීම සදහාද බලපෑම් සහගත වේ. එබැවින් ඉදිරි දැක්මක් සහිතව ජීවිතය සැලසුම් කොට ගැනීමටත්, නිර්මාණශිලිව වැඩ ලෝකයට අනුගත වීමටත් අවශ්‍ය මාර්ගෝපදේශය හා උපදේශනය ලබාදීම අත්‍යවශ්‍ය වේ.
"ඔබ අසිරිමත්ය" උපාධිධාරි වැඩසටහන
වැඩසටහනේ අරමුණ |
: |
විශ්ව විද්‍යාලවලින් වාර්ෂිකව බිහිවන උපාධිධාරීන්ගේ උපරිම දායකත්වය රටේ සමාජ ආර්ථික සංවර්ධනය සදහා ලබා ගැනීම. |
කාලය |
: |
8.30 පෙ.ව. – 5.30 ප.ව. (දින 03 යි) |
සම්පත්දායකත්වය |
: |
වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් |
සහභාගිත්වය |
: |
40 |
වර්ෂයකට ශ්‍රි ලංකාවේ දක්ෂතම සිසුන් ලෙස විශ්ව විද්‍යාල වරම් ලබන උපාධි අපේක්ෂිතයින් තුළ ඉදිරි දැක්මක් සහිතව ජීවිතය සැලසුම් කොට ගෙන නිර්මාණශිලිව වැඩ ලෝකයට අනුගත වීමටත්, ඔවුන්ගේ විභව්යතාවයන්හි මුඵ ශක්තිය රටේ සමාජ ආර්ථික සංවර්ධනයට යොදාගැනිම අත්‍යවශ්‍ය මෙන්ම කාලීන අවශ්‍යතාවයකි.
ගුරුවරුන් සදහා වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩමුළුව
වැඩසටහනේ අරමුණ |
: |
වෘත්තීය මාර්ගෝපදේශය පිළිබද ජාතික ආයතනය ලෙස වෘත්තීය මාර්ගෝපදේශය පිළිබද ගුරුවරුන් දැනුවත් කර එමගින් පාසල් සිසුන් වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි වෘත්තිය මාර්ගෝපදේශ සේවාවන් ලබාදිම. |
කාලය |
: |
8.30 පෙ.ව. - 4.00 ප.ව. (දින 02 යි) |
සම්පත්දායකත්වය |
: |
වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් |
සහභාගිත්වය |
: |
40 |
පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් විවිධ මට්ට්ම්වලදී නුපුහුණු ශ්‍රමිකයින් ලෙස වාර්ෂිකව ශ්‍රම බලකායට එකතුවේ. එමනිසා පාසල් කාලය තුලදී පාසල් ළමුන්ට සිය අනාගත වෘත්තීය සැලැස්ම සකස් කර ගැනීම සදහා වෘත්තීය මාර්ගෝපදේශය හා උපදේශනය ලබාදීම අත්‍යවශ්‍ය වේ. එමගින් පාසලින් වැඩලොවට පිවිසෙන දරුවන් ඵළදායි ලෙස වැඩලෝකයට අවශෝෂණය කරගත හැකිවේ.
දෙමාපියන් දැනුවත් කිරීමේ වෘත්තීය මාර්ගෝපදේශ වැඩමුළු
වැඩසටහනේ අරමුණ |
: |
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන පාසල් සිසුන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සාර්ථකත්වය උදෙසා දෙමාපිය භූමිකාව පිළිබඳ අවබෝධයක් ලබා දීම |
කාලය |
: |
8.30 පෙ.ව. - 12.00 ප.ව. (දින 01 යි) |
සම්පත්දායකත්වය |
: |
වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් |
සහභාගිත්වය |
: |
50 |
මේ වෙනස්වන සමාජ ආර්ථික රටාව තුළ දරුවන් නිසි මගට යොමු කර රටට ඵලදායී පුරවැසියෙකු බිහි කිරීම දෙමාපියන්ගේ වගකීමයි. එමනිසා වෙනස් වන සමාජ ආර්ථික රටාව තුළ අධ්‍යාපන ක්ෂේත්‍ර, වෘත්තීය ක්ෂේත්‍ර පිළිබඳ පමණක් නොව දරුවන් නිවැරදිව හදා වඩා ගැනීමේ රටාව පිළිබඳවද දෙමාපියන් දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ. එමනිසා දරුවන්ගේ දක්ෂතා හඳුනා ගැනීම වෙනස් වන අධ්‍යාපන හා රැකියා ක්ෂේත්‍ර පිළිබඳවත්, දරුවන් හදා වඩා ගැනීමේ ක්‍රමවේද පිළිබඳවත් දැනුවත් කිරීම හා ඔවුන්ගේ දැනුම අලුත් කිරීම කාලීන අවශ්‍යතාවයකි. එය දරුවාගේ අනාගත වෘත්තීය සංවර්ධනයට සෘජු ලෙසම බලපෑම් සහගත වේ.
ස්වයං රැකියා ඇරඹීම සඳහා මාර්ගෝපදේශ ලබා දීමේ වැඩසටහන
වැඩසටහනේ අරමුණ |
: |
ස්වයං රැකියා ඇරඹීම සඳහා කැමැත්තක් දක්වන තරුණ තරුණියන් ස්වයං රැකියා ඇරඹීම සඳහා පෙළඹවීම. |
කාලය |
: |
8.30 පෙ.ව. - 01.00 ප.ව. (දින 1/2 යි) |
සම්පත්දායකත්වය |
: |
වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් |
සහභාගිත්වය |
: |
30 |
රටක ආර්ථික සංවර්ධනයේදී ස්වයං රැකියා ක්ෂේත්රයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එමනිසා ස්වයං රැකියා සදහා හැකියාවක්, දක්ෂතාවයක් ඇති තරුණ තරුණියන් ඒ සදහා යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි.
අවධානමට ලක්වූවන් සඳහා වන වෘත්තීය මාර්ගෝපදේශ වැඩමුළුව
වැඩසටහනේ අරමුණ |
: |
සමාජයේ අවධානමක් ඇති තරුණ තරුණියන් සවිබලගැන්වීම මගින් ආර්ථිකයේ විවිධ අංශ සඳහා දායක කරගැනීම |
ඉලක්ක කණ්ඩායම |
: |
විශේෂ අවශ්‍යතා සහිත, විවිධ ගැටුම්වලට මුහුණ දුන්, බලපෑම්වලට හසු වූ අවධානම් සහගත වාතාවරණයන්ට මුහුණ දෙන ළමුන් 30 ක කණ්ඩායමක් |
කාලය |
: |
8.30 පෙ.ව. - 04.00 ප.ව. (දින 01 යි) |
සම්පත්දායකත්වය |
: |
වෘත්තීය මාර්ගෝපදේශ නිළධාරින් / මානව සම්පත් සංවර්ධන නිළධාරීන් |
සහභාගිත්වය |
: |
30 |
ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විශේෂ අවශ්‍යතා සහිත, විවිධ ගැටුම්වලට මුහුණ දුන්, බලපෑම්වලට හසු වූ අවධානම් සහගත වාතාවරණයන්ට මුහුණ දෙමින් සිටින අතර ඔවුන් ප්‍රධාන ප්රවාහයට ගෙන රැකියා යෝග්‍යතාවය ඇතිකිරීම මගින් රටේ ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම අත්‍යවශ්‍ය වේ.